Saturday, May 11, 2024

General line - 0115112241

හැටන් දික්ඔය රෝහලට පැමිණි තිදෙනෙකුට කොරෝනා

රංජිත් රාජපක්ෂ - හැටන් 




හැටන් දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනිම සඳහා පැමිණි රෝගින් තිදෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ උණ රෝගියට ප්‍රතිකාර ලබා ගැනිම සදහා රෝහලට පැමිණි අවස්තාවේ ඔවුන්ට සිදු කල ඇන්ටිජන් පරික්ෂනවලින් තහවුරු වූ බවයි.

අසාදිතයන් තිදෙනා කොළඹ, පේරාදෙණිය, වලපනේ තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, එම අසාදිතයන් දෙදෙනෙකු නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතුවල නියැලි සිටින සේවකයින් බවයි තහවුරු වි ඇත්තේ. අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට පියවර ගත් බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.