Saturday, May 11, 2024

General line - 0115112241

බන්ධනාගාර කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 4,694ක් දක්වා ඉහල යයි




බන්ධනාගාර කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 4,694ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ, අද දිනයේ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වු ආසාදිතයින් 15 දෙනා සමගින්. ඔවුන් 15 දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පිරිමි සැකකරුවන් බවයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.

බන්ධනාගාර සමස්ථ ආසාදිතයින්ගෙන් 4,373 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 155 ක් බවයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක වැඩිදුරටත් පැවසුවේ.