Saturday, May 11, 2024

General line - 0115112241

ගිරිබාව පොලිසියේ නිලධාරියෙකු නිසා 41 නිරෝධායනයට

චන්ද්‍රරත්න ඉලංගකෝන්




ගිරිබාය පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහු පදිංචි ගම්මානයේ නිවාස 12ක පුද්ගලයින් 41 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ගිරිබාව පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා විෂබීජහරණය කර නැවත එහි සේවා කටයුතු ආරම්භ කර ඇති බවයි. ගිරිබාව පොලිස් ස්ථානයේ සේවය කිරීම සඳහා ගල්ගමුව, මීගලෑව, අඹන්පොල, මහව, නිකවැරටිය යන පොලිස් ස්ථානවල නිලධාරීන් අනුයුක්ත කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.