Saturday, May 11, 2024

General line - 0115112241

අධිකරණ 42කින් අධිකරණ ඩිජිටල් කිරීම ඇරඹේ




අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම අධිකරණ 42 කින් ආරම්භ කර අදියර හතරක් යටතේ සියලු අධිකරණ වෙත හදුන්වා දීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා. ඔහු කියා සිටියේ නඩු ප්‍රමාදය අවම කරමින් පවතින නඩු කඩිනමින් විසදමින් ජනතාවට අධිකරණය මගින් ලබා දිය හැකි උපරීම සහන සැලසීම වත්මන් රජයේ මුලික අරමුණ බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණවල පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ අධිකරණ ක්ෂේත්‍රය තුළ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ හා සංශෝධන පිළිබදව සොයා බැලීම සදහා විශේෂ කමිටු පහක් පත් කර ඇති බවයි. නීතිඥවරුන්ට ද ඒ සදහා යෝජනා එවීමට හැකියාව පවතින බවත අමාත්‍යවරයා සදහන් කලා.