Saturday, May 11, 2024

General line - 0115112241

කිලිනොච්චියේ ගැටුමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට : තිදෙනෙකුට තුවාල 

දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය




කිළිනොච්චියේ උමයාල්පුරම් ප්‍රදේශයේ දී වැලි ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර අද (14) දින දහවල් ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වැලි ජාවාරම්කරුවන් අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසුව මේ ගැටුම හට ගෙන ඇති අතර ඔවුන් දෙපිරිස උදළු සවල් හා මුගුරු වලින් එකිනෙකාට පහර දීගෙන ඇති බවයි මුලික විමර්ශන වලින් හෙළිවී ඇත්තේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය සැකපිට පුද්ගලයින් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබදව පරීක්ෂණ සිදුකරනු ලබනවා.

තුවාලකරුවන් තිදෙනා මේවන විට කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇත.