Monday, May 13, 2024

General line - 0115112241

විස්සට අත එසවූ හේතුව මුස්ලිම් මන්ත්‍රීවරුන් හෙළි කරයි




කොරෝනා වෛරසය වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවසර ලබාදෙන බවට ආණ්ඩුවේ පාර්ශ්ව පැවසූ බැවින් තමන් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පවසනවා. එළෙස 20වන සංශෝධනයට සහාය ලබා දුන්නේ මුස්ලිම් කොංග්‍රසයේ ෆයිසර් කාසිම්, එච්.එම්.එම්. හාරිස්, එම්.එස්. තවුෆික් සහ අන්වර් ෂාමෙඩ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් කාසිම්.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ප්‍රකාශ කළේ මෙම මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් සහ මහජනතාවගෙන් සමාව ගැනීමේ කොන්දේසිය මත සමාව ලබාදීමට තීරණය කළ බවයි. 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර සභාව ඊයේ රැස්වු අතර එහිදී සහාය පළ කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙම තීරණයට එළඹි තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පක්ෂය ගතයුතු විනය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.