Monday, May 13, 2024

General line - 0115112241

කැලණිය සරසවියේ සිසුන් 04කට සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙකුට කොරෝනා 




කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකුට සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙකුට නව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා .

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ කේෂ්ත්‍ර අධ්‍යන කටයුත්තක් සඳහා සහභාගී කරවීමට සුදානම්ව සිටියදී පසුගිය පෙබරවාරි මස 04 වෙනිදා සිදුකළ PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබූ සිසුන් 05 දෙනෙකු ගේ පළමු පෙළ ආශ්‍රිතයින් බවයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ.

පළමු පෙළ ආශ්‍රිතයින් 35 දෙනෙකු සහ ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වූ අනධ්‍යන කාර්ය මණ්ඩලයේසේවකයින් තිදෙනෙකු නිරෝධායනය සඳහා විශ්ව විද්‍යාලයේ විශේෂ ස්ථානයක යොමු කර සිට ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ ඉකුත් 13 වෙනිදා සිදුකර ඇත.

එහිදී සිසුන් සිව්දෙනෙකුට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවකයකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

අලුතින් හඳුනා ගත් සිසුන් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල නිරෝධායනයට යොමු කර සිටින අතර ඔවුන් මේ වන විට පැවැත්වෙන අවසාන වාර විභාග කටයුතු සඳහා සම්බන්ධ නොවන සිසුන්වේ. 

ඒ අනුව වසර අවසාන විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමටත් නිරෝධායනය සඳහා යොමු කර ඇති නේවාසිකාගාර මෙම මස 18 දක්වා අඛණ්ඩව පවත්වා ගෙන යෑමට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබාදී ඇති බවයි කැලණිය සරසවියේ පාලනාධිකාරිය සඳහන් කළේ.