Monday, May 13, 2024

General line - 0115112241

කොරෝනා බිලිගත් හිටපු කතානායක වි ජ මුගේ අවසන් කටයුතු ගැන තීරණය අද




අභාවප්‍රාප්ත වූ හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොවිඩ් රෙගුලාසි මත අද දිනයේ සිදු කරනු ඇතැයි වාර්තාවනවා. කෙසේවෙතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගනු ලබන්නේ අද උදෑසන 08.30ට සිදු කිරීමට නියමිත රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ තීරණය මතයි. 

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අභාවප්‍රාප්ත වුණා. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසු හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ඉකුත්දා පළමුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරුණු අතර පසුව කොළඹ IDH රෝහලට මාරු කෙරුණා.

1941 දී උපත ලබන ඔහු නමින් විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකු බණ්ඩාර වුවද මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ වී.ජ.මු. ලොකුබණ්ඩාර නමින්. මෙරට දේශපානයේ කෘතහස්ත චරිතයක් වූ ඔහු 1977දී පළමුවරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙනවා. සංස්කෘතික, අධ්‍යාපන, මාධ්‍ය, නීති ප්‍රතිසංස්කරණ හා බුද්ධ ශාසන යන කැබිනට් අමාත්‍ය ධූරද දරා ඇති වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා මෙරට පාර්ලිමේන්තුවේ 18වන කතානායකවරයායි. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සිදු කරන කථා මාධ්‍යයට ලබා දීමට පළමුවරට කටයුතු කළේද ඒ මහතායි.

දේශපානයට මෙන්ම සාහිත්‍ය හා කලාවටද එකසේ පෙම් බැදි ඒ මහතා කුමාරතුංග මුණිදාසයන් ආරම්භ කළ හෙලහවුල සිංහල සාහිත්‍ය සංවිධානයේ සමාජිකයෙක්. වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා කවියෙකු මෙන්ම ගීත රචකයෙකුද වනවා.