Monday, May 13, 2024

General line - 0115112241

මෙම සතිය තීරණාත්මකයි - සෞඛ්‍ය අංශ කියයි




බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා නව ප්‍රභේදය මෙරට තුළද ව්‍යාප්ත වීමේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව අධ්‍යයනය කරන බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු කියා සිටියේ මේ සතියේදී ඒ සම්බන්ධයෙන් විශේෂ තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පැවසුවේ පවතින තත්ත්වය යටතේ රට වසා දමන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ විශේෂඥයින්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බවයි. 

කෙසේවෙතත් ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොරෝනා නව ප්‍රභේදය මේ වන විටත් මෙරට ප්‍රදේශ 04කින් හමු වී තිබෙනවා. ඒ, කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින්. එහෙත් කොවිඩ් නව ප්‍රභේදය හමුවේ රට අගුළු දැමීමේ සූදානමක් නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ ප්‍රකාශ කළා. 

යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු වෙනත් නිසි ක්‍රියාමාර්ග මේ වනවිටත් සාකච්ඡාකරමින් සිටින බවයි.