Tuesday, May 21, 2024

General line - 0115112241

කොවිඩ් එන්නත හෙට සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 




සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට දිනයේ සිට යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු යොදා ඇති බව වාර්තා වනවා. ඒ අනුව  හෙට දිනයේ සිට යුද හමුදා රෝහලේ දී මන්ත්‍රීවරුන් හට එම එන්නත ලබා ගැනීමට හැකියාව පවතින බවට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ අවධානම් සහිත ප්‍රදේශවල ජිවත්වන ජනතාව සහ වැඩිවශයෙන් මහජනතාව සමග නිරාවරණය වන කොටස් ඉල්ක්ක කර ගනිමින් කොවිඩ් එන්නත ලබාදීම කටයුතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ගෙන් සිදුකළ විමසීමකදී ප්‍රකාශ කලේ අද දිනයේ සිට කොවිඩ් එන්නත මහජනතාවට ලබාදීමට අවසරය හිමිව ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගන්නා බවයි.