Friday, May 17, 2024

General line - 0115112241

යලි දැනුම් දෙන තුරු පාසැල්වල උත්සව පැවැත්වීම තහනම් - අධ්‍යාපන ලේකම් 




පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස සඳහන් කරමින් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලිපියක් නිකුත් කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව දැනට යම් පාසලක උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරමින් පවතී නම් ඒ සියල්ල ද, ඉදිරියේ සැලසුම්කර ඇති උත්සව ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා මෙම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය මත පවතින අවදානම්කාරී හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇත. එළඹ ඇත්තේ දරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා අවධාරණය කර සිටියි.