Tuesday, May 21, 2024

General line - 0115112241

නිරෝධායන නීති වලට අනුව හිටපු කථානායකවරයාගේ අවසන් කටයුතු සිදුකරයි




අභාවප්‍රාප්ත හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම කටයුතු සිදු කෙරුණේ කොටිකාවත්ත පොදු සුසාන භුමියේදීයි. කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් ෂෘ්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා.

ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ වි ජ මු ලොකුබණ්ඩාර මහතාගේ දේශපාලන භූමිකාව පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ බුහුමනට ලක් වූ බවයි. මහජන සේවය උතුම් කොට සැලකූ වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා මෙරට දේශපාලන යුග කිහිපයක නොමැකන මතකයක් බව ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පැවසුවා.