Monday, May 13, 2024

General line - 0115112241

බැදුම්කර නඩුවට තවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි




මහ බැංකු වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින චූදිතයින්ට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, 2016 මාර්තු 31 වනදා පවත්වා ඇති තෙවැනි බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන්.

ඒ අනුව ජුරි සභාවක් නොමැතිව මහාධිකරණයේ දී ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම නඩු විභාගය පවත්වන ලෙසයි නීතිපතිවරයා විසින් ඉල්ලා ඇත්තේ. 

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ටේ‍රෂරීස් හි ප්‍රධානි අර්ජුන් ඇලෝසියස් ඇතුලු 10 දෙනෙකුට  එම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.