Monday, May 13, 2024

General line - 0115112241

මෝදිගේ පක්ෂයට ලංකාවට එන්න බැහැ - මැතිවරණ කොමිසම කියයි




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද නියෝජනය කරන BJP හෙවත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටුවීමට කිසිදු අවස්ථාවක් නැතැයි මැතිවරණ කොමිසම පවසනවා. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ කිසිදු විදෙස් දේශපාලන පක්ෂයකට මෙරට තුළ ලියාපදිංචි වීමට ව්‍යවස්ථාවට අනුව නොහැකි බවයි. 

භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටුවීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය අද අනාවරණ කළේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහාගේ නිල ප්‍රකාශයක් උපුටා දක්වමින්. ඉන්දියාවේ පැවැති මහජන සමුළුවකදී ඔහු පවසා තිබුණේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බවයි.

භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීම මෙහි අරමුණ බවයි ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා පවසන්නේ.