Sunday, May 12, 2024

General line - 0115112241

විදෙස් දේශපාලන පක්ෂවලට මෙරට ඉඩක් නොමැති බව නීතිවේදීනුත් කියයි




වෙනත් රටක දේශපාලන පක්ෂයක් මෙරට තුළ පිහිටුවා, එම රටෙහි පුද්ගලයින් මෙරටදී ඡන්ද අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීම මෙරට නීතිය අනුව සිදුකළ නොහැකි බව නීතිවේදීන් පවසනවා. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතීඥ රාජා ගුණවර්ධන මේ බව පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද නියෝජනය කරන ඊන්‍ඡ හෙවත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටු වීමට සැලසුම් කර ඇතැයි යන්න සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි.

මේ, එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතීඥ රාජා ගුණවර්ධන.

මේ අතර මැතිවරණ කොමිසම ද පැවසුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන ඊන්‍ඡ හෙවත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි. මෙරට ව්‍යවස්ථාවට අනුව කිසිදු විදෙස් දේශපාලන පක්ෂයකට මෙරට තුළ ලියාපදිංචි වීමට නොහැකි බව ද මැතිවරණ කොමිසම සඳහන් කළා.