Sunday, May 12, 2024

General line - 0115112241

හෙරොයින් ග්‍රෑම් 30 ක් සමගින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ගාල්ලේදී අත්අඩංගුවට




හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග පුද්ගලයෙකු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයෙහි නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම චින්තක නමැත්තාගේ හා සුරේන් නමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ. සැකකරු සතුව තිබී ජංගම දුරකථන 02 ක්, ත්‍රී රෝද රථයක් සහ හෙරොයින් ජාවාරමෙන් ලද බවට සැකකෙරෙන රුපියල් 10,200 ක මුදලක් ද පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සොයා ගෙන තිබෙනවා.