Sunday, May 12, 2024

General line - 0115112241

කාදිනල් හිමිපාණන්ට සහ නීතිපතිවරයාට පාස්කු ප්‍රහාර කොමිසමේ පිටපත දෙන දිනය 




පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තාවේ පිටපත් සකස් කර අවසන් කළ වහාම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (16) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කර සිටියා.

මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී අමාත්‍ය විමල් වීරවංශ ද ජනාධිපතිතුමාගෙන් විමසූ බවත් එහිදී මෙම වාර්තාවේ පිටපත් සකස් කර අවසන් වීමෙන් පසු විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට කටයුතු කෙරෙන බවට ජනාධිපතිවරයා පැවසූ බවයි උදය ගම්මන්පිළ අමාත්‍යවරයා සඳහන් කළේ.

කාදිනල් හිමිපාණන්ට සහ නීතිපතිවරයාට ද පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාවක් ඉදිරියේදී එම වාර්තා පිටපත් සකස් කිරීමෙන් පසු ලබාදෙනු ඇති බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.