Sunday, May 12, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් පිහිටුවන බවට BJP පක්ෂය නිල වශයෙන් කියා නැහැ - අමාත්‍ය උදය ගම්මන්පිල




භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බව අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව ප්‍රකාශ කර සිටියා.

" භාරතීය ජනතා පක්ෂයේ සභාපති අමිත් ෂාහ් එවැනි ප්‍රකාශයක් සිදුකළ බවට සාක්ෂියක් නැහැ. ඔහු ආහාර ගනිමින් සිටියදී එවැනි ප්‍රකාශයක් සිදුකළ බවට ත්‍රිපුර මහා ඇමතිවරයා ප්‍රකාශ කර බවට සිදුකරන ප්‍රකාශයක් තමයි මාධ්‍ය මගින් ප්‍රකාශ වන්නේ. එය "ලු" ප්‍රකාශයක්. 

මිට පෙර කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකාව තුල දේශපාලන පක්ෂ පිහිටුවා ගැනීම සිදුකරනු ලැබුවා. නමුත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ බලය ඇල්ලීමේ අරමුණින් මෙරට දේශපාලන පක්ෂයක් පිහිටුවනවාද යන්න ගැන මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ. එහෙම නිල වශයෙන් ප්‍රකාශ කිරීමක් සිදුකලත් විදේශ රටක දේශපාලන පක්ෂයකට මෙරට බලය අත්පත් කර ගැනීමට දේශප්‍රේමී ජනතාව ඉඩ ලබාදේවි කියා අප විශ්වාස කරන්නේ නැහැ.

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී දැනට දින දෙකක කාලයක් ගතවෙලා තිබෙනවා. භාරතීය ජනතා පක්ෂතව් සභාපති අමිත් ෂාහ් හෝ එම පක්ෂයෙන් තේරී පත්වී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා එය පිළිගැනීම් හෝ ප්‍රතික්ෂේප කිරීමක් ගැන ප්‍රකාශ කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට සිය නිල මතය ප්‍රකාශ කිරීමට හැකි බව" මෙහිදී අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියා.