Sunday, May 12, 2024

General line - 0115112241

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකුගේ සඟයෙක් හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට




දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම චින්තක නමැත්තාගේ හා සුරේන් නමැත්තාගේ සමීපතමයෙකු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී අත්අඩංගුවට ගැනුණා. ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයෙහි නිලධාරීන් පිරිසක් විසින්.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 30 ක්, දුරකථන 02 ක්, ත්‍රී රෝද රථයක් සහ හෙරොයින් ජාවාරමෙන් ලද බවට සැකකෙරෙන රුපියල් 10,200 ක මුදලක් ද සොයා ගැනුණු බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ. 
මේ අතර ගතවූ පැය 24 දී දිවයින පුරා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.