Thursday, May 16, 2024

General line - 0115112241

අලිවැට ආරක්ෂාවට පුහුණු කිරීමේ බලකායක්




නැගෙනහිර පළාතේ ඉදිකර ඇති අලිවැට ආරක්‍ෂා කිරීමට අලිවැට පුහුණු කිරීමේ බලකායක් ස්ථාපිත කර තිබෙනවා. ඒ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් විසින්.

එම බලකායට ගොවි සමිති නියෝජිතයෙක්, සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයන් දෙදෙනෙක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජිතයෙක්, අචාළ ග්‍රාම නිලධාරී වසමට අයත් ග්‍රාම නිලධාරීවරයා සහ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ද අයත්. නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා එම බලකාය අධීක්‍ෂණය කරන බවයි ආණ්ඩුකාර කාර්යාලය පැවසුවේ.

මෙම අලිවැට පුහුණු කිරීමේ බලකාය සදහා විශේෂ පුහුණුවක් ද ලබාදීමට නියමිතයි. මාර්තු මස 02 වනදා සහ 03 වනදා කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ කුඹුරුපිටිය අලිවැට පරිශ්‍රයේදී එම පුහුණුව ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. පළමු අදියර යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කළ මෙම බලකාය, දෙවන සහ තුන්වන අදියර යටතේ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාපනය කරන බව ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් වැඩිදුරටත් සදහන් කළා.