Thursday, May 16, 2024

General line - 0115112241

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා Online ක්‍රමයට




ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා මාර්ගගත ක්‍රමය යටතේ සිදු කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව වේලාව වෙන් කරගෙන ඉතාලියේ මිලාන් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලයේදී මාර්ගගත ක්‍රමයට කොන්සියුලර් සේවා ලබා ගැනීමට හැකි බවයි.

ඊට අමතරව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව රෝමය සහ මිලාන් නගරවලින් පිටත තෝරාගත් ස්ථානයන්හිදී ද ජංගම කොන්සියුලර් සේවාවන් සැපයීමට කටයුතු කර තිබෙනවා. පවතින වසංගත තත්ත්වය හමුවේ වුවද ඉතාලියේ, ශ්‍රී ලංකා දූත මණ්ඩල අඛණ්ඩව මහජන සේවාවන් සපයන බවයි විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.