Friday, May 17, 2024

General line - 0115112241

මහාචාර්ය චන්න ජයසුමන වැඩබලන සෞඛ්‍ය ඇමැති ලෙස ජනපති පත් කරයි - සුවය ලැබූ සෞඛ්‍ය ඇමති IDH රෝහලෙන් නිවසට




විෂය භාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තෙක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන පත් කරනු ලැබ සිටිනවා. වැඩබලන ඇමතිවරයා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.

චන්න ජයසුමන ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ද වනවා.

මේ අතර රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පලාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර තිබෙනවා. ඔහු මින් පෙර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවනු ලැබුවා.

රොෂාන් රණසිංහ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ෂෘ්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි රෝහලෙන් අද පිටව ගියා. නෙත් නිවුස් කළ විමසීකදී එම රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ අමාත්‍යවරිය සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවයි. නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ෂෘ්‍ය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියා.