Sunday, May 12, 2024

General line - 0115112241

මියන්මාර කුමන්ත්‍රණයේ පළමු මරණය වාර්තා වෙයි




මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව පැවති ජනතා විරෝධාතාවයක් අතර වාරයේදී හිසට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා සිටි 20 හැවිරිදි තරුණිය අද ජිවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහිව පැවති විරෝධතාවයන් වලදී වාර්තා වූ පළමු මරණය ලෙස මෙය සැලකෙනවා.

එරට නායිකා අවුන් සාන් සුචි ඇතුළු පාලක පක්ෂය නෙරපා දමමින් මිට සති දෙකකට පමණ ඉහතදී ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දැවැන්ත ජනතා විරෝධතාවයක් පැන නැගුණා.

හමුදා කුමන්ත්‍රණය අවසන් කොට රටේ පාලනය සිවිල් දේශපාලන බල අධිකාරියක් යටතට ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක ප්‍රජාව මියන්මාර හමුදා පාලකයින්ගෙන් ඉල්ලා සිටියත් මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් මේ දක්වා ලැබි නැහැ.