Tuesday, May 21, 2024

General line - 0115112241

දඹුල්ලේ රක්ෂිතයක් මායිමේත් බොරළු කැපීමේ ජාවාරමක් - ලබාදුන් බලපත්‍ර ගැනත් විමර්ශනයක් කරන්නැයි ඉල්ලීම්

කාංචන කුමාර




දඹුල්ල රන්දෙණිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතයකට මායිම්ව පිහිටි කන්දක බොරළු කැපීමේ ක්‍රියාවලිය පිළිබඳ සහ අදාළ ස්ථානයේ බොරළු කැපීම සඳහා බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස සිංහලේ අපි ජාතික සංවිධානය වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.

පරිසර විනාශයක් සිදු කරමින් හා බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් අදාළ ස්ථානයේ  බොරළු කැපීම සිදු කෙරෙන බවට ලද තොරතුරු අනුව, එම සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු පිරිසක් අදාළ ස්ථානය නිරීක්ෂණය කළා. එහිදී උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.