Tuesday, May 21, 2024

General line - 0115112241

පානම මුහුදේ රිච්ටර් ඒකක 4ක අගයකින් යුත් භූමිකම්පාවක්




අම්පාර, පානම මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.0 ක අගයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පුර්ව සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මෙම භූමිකම්පාව අද පෙරවරු 11.14ට පමණ සිදුව තිබෙනවා.

කුඹුක්කන් ඔය මුහුදට එක්වෙන මෝය කටේ සිට කිලෝමීටර් 14ක් නැගෙනහිරින්වූ මුහුදේ මෙම භූමිකම්පාව සිදුව ඇති අතර එය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුව ඇත.

මෑත කාලයේදී ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ සිදුවූ ප්‍රබලම භූමිකම්පාව මෙය ලෙස සලකනු ලබන අතර, 2009 වර්ෂයේදී රිච්ර්ට් ඒකකයේ 4.5ක පමණ අගයකින් යුත් භූමිකම්පාවක් පානම මුහුදෙන් වාර්තා වුවා.

මෙම භූමිකම්පාව හේතුවෙන් කිසිදු සුනාමි අනතුරක් නොමැති බවද භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය සඳහන් කර සිටිනවා.