Tuesday, May 21, 2024

General line - 0115112241

භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත් ලබාදීම මහනුවරින් ඇරඹෙයි




භික්ෂූන් වහන්සේ සහ අන්‍යාගමික පූජකවරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම අද මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි. ඒ අනුව කඩිනමින් දිවයිනම ආවරණය වන පරිදි සියළුම භික්ෂූන් වහන්සේ සහ සෙසු ආගමික පූජකවරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යයාලය සඳහන් කළේ.

භික්ෂූන් වහන්සේලාට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණේ මහනුවර මහ රෝහලේදීයි. ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් මහනුවර වාර්තාකරු හේරත් බණ්ඩාර ඒකනායකගෙන්.

මෙම වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලාට කොවිඩ් එන්නත් ලබාදීම හෙට ආරම්භ කිරීමට නියමිත බව ද අග්‍රාමාත්‍ය කාර්යයාලය සඳහන් කළා.