Wednesday, May 22, 2024

General line - 0115112241

සහල් සඳහා පැනවූ උපරිම මිල වසර 03 ක් යනතුරු වෙනස් නොකරන බවට ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්




සහල් සඳහා පනවා ඇති උපරිම මිල තවත් වසර 03 ක් යනතුරු වැඩි නොකරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සහතික මිලට වඩා කොපමණ ඉහළ මිලකට වී මිලදී ගත්ත ද වැඩි මිලට සහල් අලෙවි කිරීමට ඉඩ නොතබන බවයි, මඩකලපුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ. 

අඩු මිලට සහල් ආනයනය කර ලබාදිය හැකි වුවත් ගොවි ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය එම ප්‍රතිපත්තිය අනුගමනය නොකරන බව ද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලබන සතියේ සිට දීප ව්‍යාප්තව වැටලීම් ආරම්භ කරන බව ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.