Wednesday, May 22, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන් කළ රථය අනතුරට ලක්වෙයි




හලාවත ආණමඩුව මාර්ගයේ පල්ලම සේරුකැලේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන්ගත් ජීප් රථය අද උදෑසන අනතුරකට ලක්ව තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා ගමන්ගත් ජීප් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය තුළ සිව්දෙනෙකු සිට ඇති අතර ලැබූ ජීප් රථයේ රියදුරු ඇතුළු තුන්දෙනෙකු අනතුරෙන් තුවාල ලබා තිබෙනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ හලාවත මූලික රෝහලටයි. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට අනතුරෙන් හානියක් සිදුව නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ආණමඩුව කරුවලගස්වැව ප්‍රදේශයේ අද පැවැත්වෙන ගම සමග පිළිසඳර වැඩසටහනට සහභාගී වීම සඳහා යමින් සිටියදීයි රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස එම අනතුරට ලක්ව ඇත්තේ. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා අදාළ වැඩසටහනට සහභාගී වීම සඳහා අනතුර සිදුවූ ස්ථානයෙන් පිටව ගිය බව ද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.