Tuesday, May 21, 2024

General line - 0115112241

එකම පවුලේ 07 දෙනෙකුට කොරෝනා 

රංජිත් රාජපක්ෂ 




හැටන්, කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තලවාකැලේ සෙන්ක්ලේයාර් වත්තේ ඩෙවොන් කොටසේ එකම පවුලේ සාමාජිකයින් 6 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව අද (20) දින ලද PCR පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වූ බව කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර රාගවන් ප්‍රකාශ කර සිටිනවා.

මෙලෙස ආසාදිතයින් හමුවූ පවුලේ සාමාජිකාවක් පසුගිය පෙබරවාරි 08 වෙනිදා ගම්පහ ප්‍රදේශයට ගොස් සිටියදී PCR පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පවුලේ සාමාජිකයින් 09 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කොට පසුගිය 16 වෙනිදා PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබුණා.

එම PCR පරීක්ෂණ වල ප්‍රථිපල අද දිනයේදී නිකුත් වී ඇති අතර එහිදී ස්වයං නිරෝධායනයට යොමු කර සිටි පවුලේ සාමාජිකයින් 06 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. 

එලෙස අසාදිත පවුලේ සාමාජිකයින්අතර සෙන්ක්ලේයාර් දමිල මහා විද්‍යාලයේ 10 වන වසර අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් ද වනවා. මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත්තේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරේ.

පෙර අසාදිත කාන්තාව සමග මේ වන විට එම පවුලේ සාමාජිකයින් 07 දෙනෙකුට කොවඩ් 19 වෛරසය අසාදනය වි ඇත.