Tuesday, May 21, 2024

General line - 0115112241

සුළු පක්ෂ ජනපතිගෙන් කළ ඉල්ලීමට පොහොට්ටුවෙන් ප්‍රතිචාර




දේශපාලන පක්ෂයකට සම්බන්ධ වී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන ලෙස ඇතැම් පාර්ශව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය ද ඔහු සිය ප්‍රතිපත්තිය වෙනස් නොකරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල වන චෝදනා පිළිබඳව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මෙහිදී අදහස් පළ කළා.