Wednesday, May 22, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට තවත් යෝජනාවලියක්




ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන නව යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය දැරූ රටවල් පවසනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යයාලය මගින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව පදනම් කරගනිමින් එම යෝජනාවලි ඉදිරිපත් කරන බවයි එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මෙසිඩෝනියාව, මොන්ටෙනිග්‍රෝ සහ මලාවි රාජ්‍යය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වෙන්නේ. 

යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, බිම්බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නැවත ලබාදීම සහ අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ද එම නිවේදනයේ සඳහන්. එහෙත්, රට තුළ තිරසාර සාමයක් ගොඩ නැගීමට සහ යුද්ධයේ හානිකර උරුමයන් විසඳීම සඳහා තවත් බොහෝදේ සිදු කළ යුතු බවයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලිය ඉදිරිපත් කළ රටවල් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.