Tuesday, May 21, 2024

General line - 0115112241

කළුතර සහ අවට ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්




කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය සැපයෙන රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේ පැය 10 හමාරක කාලයක් කළුතර සහ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත්තේ හෙට උදෑසන 08.30 සිට රාත්‍රී 07.00 දක්වායි.

උතුරු කළුතර, දකුණු කළුතර, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කටුකුරුන්ද, නාගොඩ, බෝම්ඹුවල සහ පිලමිනාවත්ත යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම දර්ගා නගරය, මොරගල්ල සහ බෙන්තොට යන ප්‍රදේශවලට ද අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.