Tuesday, May 21, 2024

General line - 0115112241

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 79,000 ඉක්මවයි




මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 79,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, තවත් කොරෝනා ආසාදිතයින් 257 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වීමත් සමගයි. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 79,194 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. 

මේ අතර, නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්වලින් ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 890 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව කොරෝනා ආසාදිතව මෙරට රෝහල්වලින් ප්‍රතිකාර ලබා සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 73,456 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයින් 5,305 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, භික්ෂූන් වහන්සේ සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද මහනුවරින් ආරම්භ වුණා. අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන් ද අද දිනයේ කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබෙනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශවල ජනතාවට එන්නත් ලබාදීම ද මේ වනවිට සිදු කෙරෙනවා. ඒ සඳහා ජනතාවගේ ඉහළ උනන්දුවක් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ.