Tuesday, May 21, 2024

General line - 0115112241

කොරෝනා එන්නත ලබාදෙන වයස් සීමාවේ වෙනසක්




වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. මීට පෙර ප්‍රකාශ කර තිබුණේ වයස අවුරුදු 30 ත් 60 ත් අතර පුද්ගලයින්ට පමණක් එම එන්නත ලබාදෙන බවයි. 

කෙසේවෙතත් එම වයස් සීමාව සම්බන්ධයෙන් මහජනතාවට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන එක් - එක් මධ්‍යස්ථානවලදී වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒ සම්බන්ධයෙන් කොවිඩ් එන්නත ලබාගත් කටාන ප්‍රදේශයේ පුද්ගලයෙකු අදහස් දැක්වූයේ මෙලෙසයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගෙන් කරුණු විමසීමක් කළා. එහිදී ඇය කියා සිටියේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ද එන්නත් ලබාදීමට මේ වනවිට තීරණය කර ඇති බවයි.

කිසිදු ගැටළුවකින් තොරව එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළ හැකි බව ද රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ වැඩිදුරටත් සඳහන් කළා.