Tuesday, May 21, 2024

General line - 0115112241

ඊයේ කොවිඩ් ආසාදිතයින් 543ක් සහ මරණ 02ක් වාර්තා වෙයි




මේ දක්වා මෙරටදී හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 79,480ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ, ඊයේ රාත්‍රීයේ තවත් කොරෝනා ආසාදිතයින් 286ක් හදුනා ගැනීමත් සමගයි. ඒ අනුව, ඊයේ දිනය තුළ වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛයාව 543ක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. 

ඊයේ දිනයේදී විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබුවා.

මේ අතරතවත් කොරෝනා මරණ දෙකක් ඊයේ වාර්තා වුණා. එසේ මිය ගොස් ඇත්තේ කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ තිහාරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 435ක්.