Tuesday, May 7, 2024

General line - 0115112241

කොරෝනා නිසා දෙවරක් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය අතහැරි බංග්ලාදේශය අවසන් තීරණය ගනී




බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ලබන අප්‍රේල් මාසයේ දී සිදු කරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා. තරගාවලිය එක් ක්‍රීඩාංගණයකදී පැවැත්වීමට තීරණය කර ඇති අතර එම ක්‍රීඩාංගණය සහ තරගාවලිය පැවැත්වෙන දිනවකවානු සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අවස්ථා දෙකකදී කල්දැමුණේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්. 

කෙසේවෙතත් ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනවල සාකච්ඡාවකින් අනතරුව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ලබන අප්‍රේල් මස මෙම තරගාවලිය පැවැත්වෙන බව තහවුරු කර තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායම අප්‍රේල් මස මැද දී ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම තරග සංචාරයට ශකීබ් අල් හසන් සහ මස්ටෆිසූර් රෙහෙමාන් එක් නොවන අතර ඔවුන් දෙදෙනාට අයි පී එල් තරගාවලියට එක්වීමට එරට ක්‍රිකට් ආයතනය අවසර ලබාදී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි 23වනදා සති 6ක සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතයි. ඒ, 20යි20 තරග 3කට, එක්දින තරග 3කට සහ ටෙස්ට් තරග 2කට සහභාගි වීම සඳහායි.  තරග සියල්ල ඇන්ටිගා හි පැවැත්වේ.