Tuesday, May 7, 2024

General line - 0115112241

ඊයේ ගෙන්වූ එන්නත් ලක්ෂ 5 ත් බස්නාහිරට




රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත සහ චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොවිඞ් මර්දන එන්නත මෙරට තුළ ලියාපදිංචිය සදහා ලබන සතිය වනවිට  බොහෝදුරට අනුමැතිය හිමි විය හැකි බව ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ද මෙරට තුළ ලියාපදිංචි කිරීම සඳහා එම සමාගම එකඟතාව පළ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.

මේ අතර, ඊයේ දිනයේ මෙරටට ගෙන්වූ ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් තොගය ද බස්නාහිර පළාතේ පුද්ගලයින් වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. 

මේ අතර, තවත් කොරෝනා මරණ 02 ක් ඊයේ දිනයේදී වාර්තා වුණා. කඩවත ප‍්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කාන්තාවක් සහ වයස අවුරුදු 83 ක් වන වත්තල ප‍්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.