Tuesday, May 7, 2024

General line - 0115112241

ඕමානයේදී විවිධ හිරිහැර වලට ලක්වූ පුද්ගලයින් 315 දෙනෙකු දිවයිනට පැමිණේ

ටී කේ ජී කපිල




ඕමානයේ රැකියා සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැරවලට ලක්වී, යළි දිවයිනට පැමිණීමට නොහැකිව එරට රැඳී සිටි ශී‍්‍ර ලාංකිකයින් 315 දෙනෙකු දිවයිනට ගෙන්වාගෙන තිබෙනවා.  ඕමානයේ මස්කට් නුවර සිට ගුවන් යානා 02 කින් එම පිරිස දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

දිවයිනට පැමිණි පිරිස නිරෝධායන කි‍්‍රයාවලිය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යුද හමුදාව පියවර ගෙන තිබෙනවා. ති‍්‍රිිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ගණන 9,556 ක්.