Saturday, May 11, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් බ‍්‍රසීලයට කොවිඞ් එන්නත් මිලියන 20 ක්




ඉන්දියාවේ කොවැක්සීන් කොවිඞ් මර්දන එන්නත් මිලියන 20 ක් මිලදී ගැනීමට බ‍්‍රසීලය ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ, එම එන්නත නිෂ්පාදනය කළ භාරත් බයෝටෙක් සමාගම සමගයි. 

ඒ අනුව ලබන මාර්තු මාසයත් මැයි මාසයත් අතර කාල සීමාවේදී එම එන්නත් බ‍්‍රසීලය වෙත ලැබෙනු ඇති බවයි බ‍්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අතරින් පළමු එන්නත් මාත‍්‍රා මිලියන 08 ලබන මාර්තු මාසයේදී බ‍්‍රසීලයට ලැබීමට නියමිතයි. බ‍්‍රසීලය විසින් මිලදී ගන්නා මෙම කොවැක්සීන් කොවිඞ් මර්දන එන්නත් මිලියන 20 හි වටිනාකම අමෙරිකානු ඩොලර් දෙලක්ෂ අනූදහසක් වන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.