Friday, May 17, 2024

General line - 0115112241

කොරෝනා මෘත දේහ භූමදානයට ඉරණතිව් වැසියන්ගෙන් විරෝධයක්




කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට රජය ගත් තීරණයට එම දූපතේ වෙසෙන ජනතාව විරෝධය පළ කරනවා. මේ සම්බන්ධයෙන් අද දිනයේදී ඔවුන් යාපනයේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

ඊට එරෙහිව අද දිනයේදී විරෝධතාවක් ද සංවිධාන කර තිබෙනවා. ශ්‍රී ලංකාව අවට දූපත් බොහෝමයක් තිබුණද, පවුල් 150 කට වැඩි සංඛ්‍යාවක් වෙසෙන ඉරණතිව් දූපතේ කොරෝනා ආසාදිත මෘතදේහ භූමදානය කිරීමට රජය තීරණය කළේ කුමන පදනමකින් ද යන්න ගැටළු සහගත බවයි ඉරණතිව් වැසියන් පෙන්වා දෙන්නේ. 

මේ අතර කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ  ඉරණතිව් දූපතට අමතරව තවත් ස්ථාන කිහිපයක භූමදානය කිරීම සඳහා ද සෞඛ්‍ය අංශවල අවදානය යොමුව තිබෙනවා. මන්නාරම, පුත්තලම හා ඔට්ටමාවඩි යන ප්‍රදේශ එලෙස අවදානය යොමුව ඇති ප්‍රදේශයි. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහය භූමදානය කිරීමට රජය අවසර ලබා දුන්නද එම කටයුතු සිදු කරන්නේ කෙසේද යන්න නිසි බලධාරියා විසින් බලය පැවරෙන පාර්ශව වෙත මෙතෙක් අවශ්‍ය උපදෙස් නිකුත් කර නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 
මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක් වූ එම සංගමයේ සභාපති මහේන්ද්‍ර බාලසූරිය.