Friday, May 17, 2024

General line - 0115112241

රට නැවත ගොඩගත හැකිවන්නේ රනිල්ට - හිටපු ඇමති වජිර කියයි




අරාජිකවී ඇති මේ රට නැවත ගොඩගත හැකි වන්නේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පිහිටුවන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට බව එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කරනවා.

2024 වන විට ස්ථීර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බවත් ඒ සඳහා රටේ සියළු පාර්ශව එක් කර ගැනීමේ වැඩ පිළිවෙල දැනටමත් ආරම්භ කර තිබෙන බවත් හිටපු අමාත්‍යවරයා පවසනවා.

හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා හබරාදූව ආසනයේ පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින්.