Friday, May 17, 2024

General line - 0115112241

මයික්‍රොසොෆ්ට් ඊමේල් පද්ධතියට සයිබර් ප්‍රහාරයක්




මයික්‍රොසොෆ්ට් ඊමේල් ජාලයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම සමාගම සදහන් කර ඇත්තේ පද්ධතියේ ප්‍රවේශ හතරක් ඔස්සේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මෙම තත්වය පිලිබද තමන් දැනටමත් පරිශිලකයන්ට උපදෙස් ලබාදී ඇති බවත් ඒවා අනුගමනය කරන ලෙසත් මයික්‍රොසොෆ්ට් සමාගම සදහන් කර තිබේ.

හෆ්නියුමි නම් චීනයේ අනුග්‍රහය ලබන සයිබර් ආක්‍රමණිකයන් පිරිසක් මෙය සිදුකර ඇති බවට මයික්‍රොසොෆ්ට් සමාගම චෝදනා නගා ඇත.

කෙසේවෙතත්, මීට ප්‍රතිචාර දක්වා ඇති චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයකු සදහන් කර ඇත්තේ තමන් සියලුම ආකාරයේ සයිබර් ප්‍රහාරයන්ට විරැද්ධ බවත් ඊට එරෙහිව සැමවිටම නීති මගින් කටයුතු කරන බවත්ය.