Monday, May 13, 2024

General line - 0115112241

ඉන්දියාව ඇමරිකාවෙන් සන්නද්ධ ඩ්‍රෝන යානා බලඇණියක් මිලදී ගැනීමට සැරසෙයි




කිලෝග්‍රෑම් 1700 ක බරක් රැගෙන පැය 48 ක කාලයක් ගුවනේ සැරිසැරිය හැකි නියමුවන් රහිත සන්නද්ධ ගුවන්යානා තිහක් ඇමරිකාව එක්සත් ජනපදයෙන් මිලදී ගැනීමට ඉන්දියාව සුදානම් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම්කිව්නයින් බී නම් මෙම යානා  මිලදී ගැනීම සදහා වැයකෙරෙන මුදල ඩොලර් බිලියන 03ක් බවයි.

මෙම ඩ්‍රෝන යානා චීනයෙන් සහ පකිස්තානයෙන් එල්ලවන ආරක්ෂක අභියෝග ජයගැනීම සදහා භාවිතා කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මෙි අතර ඉන්දියාව සමග වන ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මේ මාසයේ ඉන්දියාවේ සංචාරයක නිරතවීමටද සුදානම් වන බව වාර්තා වේ.