Monday, May 13, 2024

General line - 0115112241

රටවල් 07 කට පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමට ප්‍රංශය තීරණය කරයි




යුරෝපා සංගමයට අයත් නොවන රටවල් 07 කට පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා.

එම රටවල් වන්නේ බි්‍රතාන්‍යය, ඔස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ නවසීලන්තයයි.

ඒ අනුව තවදුරටත් එම රටවල් සහ ප්‍රංශය අතර කිසියම් අයෙකු සංචාරය කිරීමේදී එය අත්‍යාවශ්‍ය සංචාරයක් බවට තහවුරු කරමින් හේතු දැක්වීමක් අවශ්‍ය නොවන බවයි ප්‍රංශ විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

කොවිඩ් 19 වසංගතයේ ප්‍රභේදයන් පැතිරීම වැළැක්වීමේ අරමුණින් පසුගිය ජනවාරි මස 31 වනදා සිට අත්‍යාවශ්‍ය නොවන සියළුම සංචාර තාවකාලිකව තහනම් කිරීමට ප්‍රංශ රජය පියවර ගෙන තිබුණා.

රටවල් 07 කට සංචරණ සීමා ලිහිල් කෙරුණ ද, සංචාරකයින් සම්බන්ධයෙන් බලපැවැත්වෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ඒ අයුරින්ම ක්‍රියාත්මක බවයි ප්‍රංශය පවසන්නේ.

ඒ අනුව ප්‍රංශයට පැමිණෙන සියළුම මගීන්, ගමන් ආරම්භ කිරීමට පැය 72 කට නොඅඩු කාලයක් තුළදී ලබාගත්, තමන් කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු කරන ලද වාර්තාවන් ලබාදිය යුතු බව ද ප්‍රංශ විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.