Monday, May 13, 2024

General line - 0115112241

HIV ආසාදිතයින්ට සුබ පණිවිඩයක් : සොභාවිකව සුවය ලැබූ ලොව දෙවන රෝගීයාත් වාර්තා වෙයි




HIV ඒඩ්ස් වෛරසය ආසාදනයව සිටි පුද්ගලයෙකු සොභාවිකවම වෛරසයෙන් සුවය ලැබිමේ සිද්ධියක් ආර්ජන්ටිනාවෙන් වාර්තා වනවා. මෙලෙස සුවය ලබා ඇත්තේ පුරා වසර 08ක කාලයක් පුරාවට HIV වෛරසය ආසාදනය වී සිටි වයස අවුරුදු තිස්ගණනක පසුවන කාන්තාවක් බවයි ආර්ජන්ටිනාවේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

ආර්ජන්ටිනාවේ, එස්පෙරෙන්සා නගරයේ ජිවත්වන එම කාන්තාවට කිසිදු රෝගයක් හෝ වෛරසයක් නොමැති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

HIV වෛරසය සම්බන්ධ විශේෂඥයින් පිරිසකගේ රැස්වීමකදී මෙම විශේෂ නිවේදනය හාර්වඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

HIV වෛරසය ආසාදනය වී සොභාවිකව සුවය ලැබූ ලොව දෙවන පුද්ගලයා මෙම කාන්තාව වනවා.

HIV වෛරසය ආසාදනය වී සිට සොභාවිකව සුවය ලද ලොව පළමු ආසාදිතයා පළමු වරට ඉකුත් අගෝස්තු මාසයේ අමෙරිකාවේ සැන් ෆ්‍රෑන්සිකෝ නුවරින් වාර්තා වුවා. ඒ 67 හැවිරිදි ලෝරින් විලේන්බර්ග් නම් කාන්තාවක්.

මෙම සොයා ගැනීම මගින් ලොවපුරා සිටින HIV ඒඩ්ස් වෛරසය ආසාදිත මිලියන 38ක ජනතාවට සුභවාදී පණිවිඩයක් වනු ඇති බවයි විද්‍යාඥයින් බලාපොරොත්තු පළකර සිටින්නේ.

" වෛරසය ආසාදනය වී සිට සොභාවිකව සුවය ලැබූ එක් රෝගියෙකු හමුවීම යහපත් වුවත් එවැනි අයුරින් සුවය ලැබූ ආසාදිතයින් දෙදෙනෙකු හමුවීම තුල විශාල බලාපොරොත්තුවක් ගැබ්වෙලා තිබෙනවා" යැයි වෛද්‍ය නටාලීයා ලොව්ෆර්  ප්‍රකාශ කර සිටිනවා.

අපි විශ්වාස කරනවා වෛරසය ආසාදනය වී සුවය ලද තවත් පිරිස් සමාජයේ ඇති කියා. මෙය HIV වෛරසය සම්බන්ධයන් සිදුකරනු ලබන පර්යේෂණවල විශාල පිම්මක් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

HIV වෛරසය ආසාදිත කාන්තාවගේ පළමු ස්වාමිපුරුෂයා එම වෛරසය ආසාදනය වීමෙන් 2013 වර්ෂයේදී ජිවිත්ක්ෂයට පත්ව තිබෙනවා.

නමුත් එම කාන්තාවගේ වත්මන් පෙම්වතා සහ අලුත උපන් බිලිඳා HIV ආසාදිතයින් නොවන බවයි වෛද්‍ය පර්යේෂණ මගින් සනාථ වී ඇත්තේ.