Monday, May 13, 2024

General line - 0115112241

කොරෝනා අවධානය ගිලිහුණු ඉන්දියාව යළි අවදානමක




ඉන්දියාවේ කොවිඩ් 19 වසංගතයේ පැතිරීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ඉන්දියාව තුළ මහජන රැස්වීම් අධික වීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව උනන්දු නොවීම ඊට හේතු වී ඇති බවයි. වසරේ ගත වූ කාල සීමාව තුළ එරටින් දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනයේදී වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනයේ පමණක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 23,258 ක්. 

මහාරාෂ්ට්‍ර ඇතුළු ප්‍රාන්ත 06 ක කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වඩාත් ඉහළ ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ හේතුවෙන් මහාරාෂ්ට ප්‍රාන්තයේ පිහිටි ජනාකීර්ණ නාග්පූර් නගරය ද ලබන 15 වනදා සිට සතියක කාලයකට සම්පූර්ණයෙන් අගුලු දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබෙනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ජනතාව සෞඛ්‍ය නීතිරිති අනුගමනය නොකරන්නේ නම් සමස්ත ඉන්දියාවම අගුලු දැමීමේ ක්‍රියාපටිපාටියකට වුව ද යාමට ඉඩ පවතින බවයි.