Monday, May 13, 2024

General line - 0115112241

යුරෝපා සංගමය චීන බලධාරීන්ට එ⁣රෙහිව සම්බාධක පැනවීමෙි සූදානමක




චීනයේ ඉහළ පෙළේ බලධාරීන්ට එරෙහිව විවිධ සමිබාධක පැනවීමට යුරෝපා සංගම් රටවල් එකගතාවකට පැමිණ
තිබේ.

උයිගුර් ජන කොටසට එරෙහිව සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, 1989 වර්ෂයේ ටියෙන්මාන් චතුරස්‍රයේදේ උද්ඝෝෂකයන්  මරා දැමීම ආදිය පදනමි කරගෙන මෙම සම්බාධක පැනවීමට නියමිත බව වාර්තා වේ.

මෙහිදී චීනයේ ඉහළපෙළේ බලධාරින්ට යුරෝපයට ඇතුල්වීම තහනම් කිරීම, එම බලධාරීන් සතුව යුරෝපය තුළ වත්කම් ඇත්නම් ඒවා තහනම් කිරීම   සිදුවනු ඇති බව සදහන් වේ.

කෙසේවෙතත්, මේ පිලිබද වන අවසන් තීරණය ලබන මේ මස අවසානයේ පැවැත්වෙන යුරෝපා විදේශ අමාත්‍යවරැන්ගේ සමුලුවේදී ගැනීමට නියමිතයි.

පසුගිය වසරේදී ද යුරෝපා සංගමය , සයිබර් ආක්‍රමණ සිදුකිරීමෙි චෝදනා මත චීන ජාතිකයන් දෙදෙනෙකුට සහ චීන  සමාගමකට එරෙහිව මෙවැනි තහනමක් පනවනු ලැබිණ.