Tuesday, May 7, 2024

General line - 0115112241

පාකිස්ථාන ජනාධිපතිටත් කොරෝනා ආසාදනය වෙයි




පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වි නව්‍ය කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අරීෆ් අල්වි ප්‍රකාශ කර ඇත්තේ, තමා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනුණේ කොවිඩ් මර්දන එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් ද පසුව බවයි.

කොවිඩ් මර්දන එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාගන්නා තෙක් කොරෝනා වෛරසය වැළඳීමේ අවදානමක් ඇති බැවින් ප්‍රවේශම් වන ලෙසයි ඔහු සිය ටිව්ටර් පණිවුඩය මගින් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ. කෙසේ වෙතත්, තමන් ලබාගත් කොවිඩ් මර්දන එන්නත කුමක්ද යන්න පාකිස්තාන ජනාධිපතිවරයා සඳහන් කර නැහැ.