Tuesday, May 7, 2024

General line - 0115112241

දේවානි සහ රජයේ ඇමතිවරුන් අතර ගම්පහදී උණුසුම් සංවාදයක්




ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක සහ රජයේ අමාත්‍යවරුන් අතර අද උණුසුම් විවාදාත්මක තත්ත්වයක් ඇති වුණා. ඒ, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවති අවස්ථාවේදීයි.

මීගමු කලපුවේ රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ඇණහිට ඇති අතර ඒ සම්බන්ධයෙන් ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක සහ, රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලංසා හා ප්‍රසන්න රණවීර අතර ඇති වූයේ මෙවන් සංවාදයක්.