Tuesday, May 7, 2024

General line - 0115112241

කොට්න් බඩ් ඇතුළු ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන හතරක් අද සිට තහනම් - නිෂ්පාදකයින්ටත් රතු එළි




ප්ලාස්ටික් සහ පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 4 ක් අද සිට මෙරට භාවිතය තහනම් බව පරිසර අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතින් හා ප්ලාස්ටික්, පෙට් බෝතල්, මයික්‍රෝණ 20 ට අඩු ලන්ච් ෂීට්, ආහාර සහ ඖෂධ අඩංගු නොවන සැෂේ පැකට් මෙලෙස හෙට සිට තහනම් වනු ඇති.

එමෙන්ම, වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා කොට්න් බඩ් සහ සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද එලෙස තහනම් කෙරෙන නිෂ්පාදන අතරට අයත්. අප්‍රේල් පළමුවනදා සිට එම භාණ්ඩ සහ ද්‍රව්‍ය නිෂ්පාදනය තහනම් බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ. 

පරිසරයට හානිදායක තවත් භාණ්ඩ ලැයිස්තුවක් ඉදිරියේදී මෙරට භාවිතය තහනම් කිරීමට සැලසුම් කර ඇති බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.